ඕමානයෙන් තවත් අසාදිතයන් 21ක්



ඕමානයෙන් කොරෝනා ආසාදිතයන් විසි එක්දෙනෙක් අලුතින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පුද්ගලයන්අට දෙනෙක්කොරෝනා රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර, තවත් අට දෙනෙක්විදේශ සංචාරයන්වලට සම්බන්ධ වී ඇත.

තවත් පස්දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවාද නැද්ද යන්න පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඕමානයේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහාජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීම, සංචාරක වීසා බලපත්‍ර අවලංගු කිරීම, සියලුම ක්‍රීඩා තරඟතාවකාලිතව අත්හිටුවීම සහ සංචාරක යාත්‍රා ඕමානයට ඇතුළු කිරීම තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග දැනට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS