ඕමානයෙන් චන්ද්‍රිකාවක්



ඕමානය චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමට සැළසුම් කර ඇති බව පසුගියදා අනාවරණය කළේය.

චන්ද්‍රිකා වැඩපිළිවෙල වේගවත් කිරීමට අභ්‍යාවකාශ සන්නිවේදන සමාගමක් පිහිටුවීමට ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යාංශය සහ රාජ්‍ය පොදු සංචිත අරමුදල සහයෝගයෙන් කටයුතු කරයි.

චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමට අවශ්‍ය කරන අධ්‍යයනයන් සහ උපායමාර්ගික සැළසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන ආයතනය ක්‍රියා කරන බවත්, සියළුම අධ්‍යයන කටයුතු 2019 වර්ෂයේ දෙවන කාර්තුව අවසන් වනවිට සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ සන්නිවේදන අමාත්‍ය, ආචාර්ය, අහමඩ් බින් මොහොමඩ් අල්-ෆුටාසි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)

 


RECOMMEND POSTS