ඕමානයෙන් ඉන්දියානුවන් රැගෙන යයි



ඕමානයේ අතරමං වී සිටින ඉන්දියානු ශ්‍රමිකයන් රැගෙන යාම සඳහා ගුවන් ගමන්වාර 8ක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

2020 මැයි 16දා සිට ගුවන්යානා ඉන්දියාව බලා පියාසර කරන බව ඕමානායේ ඉන්දියානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.

කේරළයට ගුවන් ගමන් වාර 4 ක් සහ බිහාර්,තෙලන්ගානා,දිල්ලි සහ කර්ණාටක යන නගර බලා එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වාර්තා කරයි.

මස්කට්ගුවන්තොටුපොලෙන් ගුවන් ගමන් වාර 7 ක් ක්‍රියාත්මක වන අතර, සලාලාහ්  ගුවන්තොටුපොලෙන් එක් ගුවන් වාරයක් ක්‍රියාත්මක වේ.

ඕමාන් පුරවැසියන් 22 දෙනෙක් චෙන්නායි නුවර සිට මස්කට් නුවර බලාපැමිණි බව ඉන්දියාවේ ඕමාන් තානාපති කාර්යාලය පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS