ඕමානයටත් නව කුලී රථ සේවාවන් !



මේ වසරේ මුල් කාර්තුවේ සිට ඕමානය තුළ එරට වැසියන් සඳහා ජංගම කුලී රථ සේවාවක් ඇරඹීමට ඕමානයේ ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේවන විට එරට මෙවැනි සේවාවක් නොමැති අතර ඕමාන වැසියන් ගේ හා එරට වෙසෙන අනෙකුත් පුද්ලගයින්ගේ ගමනාගමන පහසුව උදෙසා මෙම නව කුලී රථ සේවාව ආරම්භ කරන බවත් එම සේවාව පවත්වා ගෙන යාම සඳහා දැනටමත් සමාගම් දෙකකට අවශ්‍ය බලපත්‍ර ලබා දීමටද එරට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එරට ජාතික ප්‍රවාහන අධිකාරිය හා ඉබ්තිකාර් ටෙක්නොලොජි කම්පැනි යන ආයතනයන් විසින් මෙම ඕමාන කුලී රථ සේවාව පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුමැතිය හිමි කර ගෙන ඇත.එම ආයතයන් ගෙන් ඉබ්තිකාර් ආයතනය එරට තරු 3,4,5  පන්තියේ හෝටල් හි දැනටමත් කුලී රථ සේවාවන් පවත්වා ගෙන යනු ලැබේ.

කුලී රථ සේවාව පවත්වාගෙන යාමේ බලපත්‍රය හිමි ඕමාන ජාතික ප්‍රවාහන අධිකාරිය එරට මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ , මස්කට් අගනුවර පිහිටි ප්‍රධාන වෙළඳ මර්මස්ථාන ඇතුළු තදාසන්න ප්‍රෙද්ශ වලට පමණක් සීමාවන අයුරින් සිය කුලී රථ සේවාව පවත්වා ගෙන යයි. 

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS