ඕමානයට පනින්න හැදු 29ක් අත්අඩංගුවට



ඕමානයට නීතිවිරෝධීව ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයින් විසි නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඕමානයේ උතුරු අල්-බටිනා ආණ්ඩුකාර ප්‍රදේශයට යාබද මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ  විදේශීය බෝට්ටු 4 ක අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවන්වලදි නීති විරෝධීව ඕමානයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

නීතිමය කටයුතු මේ වන විටත් අවසන් වෙමින් පවතින බව ඕමාන් රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS