ඕමානය-සෞදිය එකට එක්වෙයි



ඕමානය සහ සෞදි අරාබිය එකට එක්කරමින් ඉදිකරන ලද ද්විත්ව මාර්ගය විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කිලෝමීටර් 52කින් යුත් “හෆට්-වඩි සා’’මාර්ගය ඉදිකිරීම සඳහා වැලි ඝණ මීටර් මිලියන 130ක් ඉවත් කිරීමට සිදු වී ඇති අතර මාර්ගය ඉදිකිරීමෙන් පසු විශාල වාහන තදබදය අඩු වෙයි.

2015 සිට මේ දක්වා වාර්ෂිකව ටොන් මිලියන 2.1ක භාණ්ඩ ප්‍රවාහනය කර ඇති අතර මාර්ගය විවෘත කිරීමත් සමගම සෞදි අරාබිය සහ ඕමානය අතර විශාල ලෙස භාණ්ඩ හුවමාරුවීම ඉහළ යන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 

ලෝකයේ විශාලතම වැලි කාන්තාරය හරහා මාර්ගය ඉදිකිරීම ඉන්ජිනේරු විද්‍යාවේ අශ්චර්යයක් ලෙස හඳුන්වයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS