ඕමානය සයිබර් ආරක්ෂක දර්ශකයේ සිවුවැනි තැනට



ගෝලීය සයිබර් ආරක්ෂක දර්ශකයේ (Global Cybersecurity Index –GCI) හතර වන ස්ථානය හිමිකර ගැනීමට ඕමානය සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගල්ෆ් කලාපය තුල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඕමාන රාජ්‍යය සමත් වී ඇති බව ඕමාන් ඩේලි පුවත්පත වාර්තා කළේය.

නීතිමය පියවරයන්,තාක්ෂණික පියවරයන්,  සංවිධාන පියවරයන් සහශක්‍යතා ගොඩනැගීමමෙන්ම සහයෝගීතාව යන නිර්ණායකයන් පදනම් කර ගනිමින් රටවල් තම රට තුල සයිබර් ආරක්ෂාව පවත්වා ගෙන යෑම සඳහා ලබා දෙන දායකත්වය මත අදාල ස්ථානයන් ලබාදී ඇති බව වාර්තා වේ.

සිංගප්පුරුව, ඇමරිකා එක්සත් ජනපදය සහ මැලේසියාව ගෝලීය සයිබර් ආරක්ෂක දර්ශකයේ ඉහළම ස්ථානයන් හිමිකර ගැනීමට සමත් වී සිටින අතර තම රට තුල සයිබර් ආරක්ෂාව පවත්වා ගෙන යෑම වෙනුවෙන් විශාල දායකත්වයක් එම රටවල් ලබා දෙයි.

ඕමානයට පසුව ගල්ෆ් කලාපයේ දෙවන ස්ථානය දිනාගැනීමට ඊජිප්තුව සමත් වී ඇති අතර කටාර් රාජ්‍යයගෝලීය සයිබර් ආරක්ෂක දර්ශකයේ 25 වන ස්ථානයත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය 47 වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS