ඕමානය රත්වෙයි



ඕමානයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් නගර කීපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක මට්ටමට ලඟා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

අධික උෂ්ණ කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවන්වලදී හිරු එළිය ඍජුව පතිතවන ස්ථානවල රැඳී සිටිමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු අනතුරු අඟවා ඇත.

දෙපාර්තුමේන්තුව ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS