ඕමානය දඩුවම් වැඩි කරයි



ඕමානයේ දිනෙන් දින වැඩිවන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා දැඩි දඩුවම් පැනවීමට ඕමාන රජය නීතිමය පියවරයන් ගනිමින් සිටින බව වාර්තා වේ.

නීති මඟින් කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පරිසර හා දේශගුණික කටයුතු අමාත්‍යාංශය පසුගියදා සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදනය කිරීමේදි සහ පිටරටකින් ගෙන්වීමේදි ප්‍රමිති සහතිකයක් හඳුන්වාදීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය යෝජනා කර ඇත.

ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිවතදින් ක්‍රියාකිරීමට ඕමාන රජයඉදිරියේදි කටයුතු කරන බව පරිසර හා දේශගුණික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS