ඕමානය තුල ඩ්‍රෝනා යැවීම තහනම් කරයි



ඕමානය තුල ඩ්‍රෝනා යැවීම නිල වශයෙන් තහනම් කර ඇති බව වාර්තා වේ.

ඩ්‍රෝනා යැවීමේ තහනම සමාගම්වලට පමණක් බලපාන බවත් ඩ්‍රෝනා හෝ කුඩා ප්‍රමාණයේ දුරස්ථ ගුවන්යානා යැවීමට අවශ්‍ය සමාගම් බලපත්‍ර ලබාගත යුතු බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජාතික මිනින්දෝරු අධිකාරිය, රාජකීය ඕමාන් පොලිසිය සහරාජකීය ඕමාන් ගුවන් හමුදාවෙන්ද අවසර ලබාගත යුතුව ඇත.

මැදපෙරදිග කලාපයේ ප්‍රධාන පෙලේ කුලී රථ සමාගමක් වන “කරීම්’’ සමාගම සමඟ ඩ්‍රෝනා යානා භාවිතා කරමින් ප්‍රවාහනය සහ භාණ්ඩ බෙදාහැරීමට අදාලව මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යයනයක් සිදුකිරීමට ඕමාන් තාක්ෂණික අරමුදල සමඟ ගිවිසුමක්ද අත්සන් කර ඇත.

අදාල ගිවිසුමට අනුව, මුල් මාස තුන ඇතුලත නවීන තාක්ෂණය භාවිතා කරමින් මිනිසුන් රහිතව ප්‍රවාහනය සහ භාණ්ඩ බෙදාහැරීමට අදාලව විසදුම් සෙවීමට ආයතන දෙක කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS