ඕමානය ගෝලීය සාම දර්ශකයේ 70 වැනි තැනට



ගෝලීය සාම දර්ශකයේ රටවල් 163ක් අතුරින් 70 වැනි ස්ථානය දිනාගැනීමට ඕමාන රාජ්‍ය සමත්වී ඇති බව Watan පුවත්පත වාර්තා කළේය.

පසුගිය වසරේ 74වැනි ස්ථානයේ සිටි අතර සමස්ථ ලකුණු 1,983ක් ලබා ගෙන 2017 වර්ෂයේදි ස්ථාන 4කින් ඉහළට ඒමට ඕමානයට හැකිවී ඇත.

ගෝලීය සාම දර්ශකයේ ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් ඕමානයපස්වැනි ස්ථානය හිමි කර ගෙන ඇත.

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයක් වන Institute for Economics and Peace මඟින්  ජාතීන් අතර සමගිය, කලාපයේ ඇති සාමකාමී බව,මිනිමැරුම් අනුපාතය, රටතුල අවි භාවිතය, ත්‍රස්තවාදී බලපෑම්, සහ ජනගහනය අනුව අවි සපයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැනි කරුණු සාම දර්ශකය සඳහා ලකුණු දීමේදි සලකා බලනු ලැබේ. 

ලෝකයේ සාමකාමීම රාජ්‍ය ලෙස අයිස්ලන්තය පත්වී ඇති අතර නවසීලන්තය,පෘතුගාලය,ඔස්ට්‍රියාව සහ ඩෙන්මාර්ක් රාජ්‍යය පිලිවෙළින් අදාල ස්ථාන ලබාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් අසුරෙනි)


RECOMMEND POSTS