ඕමාන නායකයා හමුවෙයි



එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයික් පොම්පේ ඕමාන නායක, සුල්තාන් කබූස් බින් සෙයිඩ් බායිත් අල් බාරකා හිදි හමු වී ඇති බව වාර්තා වේ.

ඕමාන් නායකයා, රාජ්‍ය ලේකම්වරයාව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගැනීමෙන් පසු ඕමානය සහ එක්සත් ජනපදය අතර සහයෝගිතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

කලාපයේ මෙන්ම ජාත්‍යන්තරව ද මෑත කාලීනව ඇති වී ඇතිසංවර්ධනයන් පිළිබඳව නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වී ඇත.

විදේශ කටයුතු, මුදල් කටයුතු සහ වානිජ හා කර්මාන්ත යන අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ඇමරිකානු තානාපතිවරයාද සාකච්ඡාවට සහභාගි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS