ඕමාන ගුවන්තොටේ නව රෙගුලාසි



ඕමානයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිතා කරන ගුවන් මඟීන් සඳහා ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  නව රෙගුලාසියක් පැනවීමට ඕමාන රජය තීරණය කර ඇත.

මෙම නව රෙගුලාසි යටතේ  නිසි ලෙස අසුරුම් නොකරන ලද භාණ්ඩ සහිත ගමන් මළු රැගෙන ඒම හෝ ගෙන යෑම සපුරා තහනම් බව  එරට රජය කියා සිටී.එසේම ගමන් මලු බ්ලැන්කට් හෝ කඹ යොදා ගැට ගැසීම සපුරා තහනම් වන අතරම ඒවා ගුවන්තොටුපළවල් වෙත රැගෙන ඒම තහනම් වන බව ඕමාන ගුවන්තොටුපළ කළමනාකරණ සමාගම සඳහන් කරයි.

ඒ අනුව නව නීතීය ලබන මස 01 වැනිදා එරට මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීත්, සලාලා සහ සෝහර් හි පිහිටි ගුවන්තොටුපළවල්  හිදී  ක්‍රියාත්මක වන බව ඕමාන ගුවන්තොටුපළ කළමනාකරණ සමාගම කියයි.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ඩිජිටල් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS