ඕමනයට නව පාලකයෙක් !



ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක් පත්ව කර ඇත.ඒ, එරට හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ්ගේ අභාවයෙන් පසුවය.

හයිතම් බින් ටරීක් ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස පත්වීමට පෙර එරට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

ඕමානයේ සම්ප්‍රදායට අනුව එරටට නව සුල්තාන්වරයෙකු පත්වන්නේ නම් ඔහු රජ පවුල විසින් නම් කෙරෙන රජ පවුලේ සාමාජිකයෙකු ද වන ඕමානයේ මුස්ලිම් පවුලකට අයත් පුද්ගලයෙකු වියවීම අනිවාර්යය වනවා.

ඒ අනුව හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ් මියයාමට පෙර මීලග සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක්, නම් කර තිබී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන් දෙදෙනා ඥාතීන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

(තිළිණි ද සිල්වා )
ටයිම්ස් ඔෆ් ඕමාන්  ඇසුරෙනි

RECOMMEND POSTS