ඔළු 2ක් සහිත දරුවෙක් බිහිකරයි



ඊජිප්තු කාන්තාවක් ඔළු දෙකක් සහිත දරුවෙක් අස්වාන් ආණ්ඩුකාර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී ප්‍රසූත කර ඇති බව වාර්තා වේ.

විසිපස් හැවිරිදි (25) කාන්තාවක් දරුවා බිහිකර ඇති බවත්,මෙවැනි අවස්ථාවන් ඉතා දුර්ලභ බව අස්වාන් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නියෝජිතයෙක් වන එහාබ් හනාෆි ප්‍රකාශ කළේ ය.  

දරුවාගේ කොදුඇට පේලී දෙකට අමතරව එක් හෘද වස්තුවක් සහ එක් බඩවැලක් බැගින් පිහිටා ඇති බව වාර්තා වේ.

දරුවාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කයිරෝ නුවර පිහිටා ඇති ජාතික පරියේෂණ මධ්‍යස්ථානයට යොමු කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS