ඔස්ට්‍රියාව බුර්කාව, නිකාබ් තහනම් කරයි



ප්‍රසිද්ධ ස්ථානවල නිකාබ් සහ බුර්කාව ඇඳ සිටීම ඔක්තෝබර් 01දා සිට තහනම් කිරීමට ඔස්ට්‍රියානු රජය පියවර ගෙන ඇති බව Jazirah පුවත්පත වාර්තා කළේය.

නීතිමය ගැටළු මඟහරවා ගැනීම සඳහා අදාල නීතීරීතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස සංචාරයන් සඳහා ඔස්ට්‍රියාවට පැමිණීමට අපේක්ෂා කරන සෞදි පුරවැසියන්ගෙන්වියානා නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

පසුගිය ජනවාරි මාසයේ සිට ප්‍රසිද්ධ ස්ථානයන් (අධිකරණයන් සහ පාසල්) වල මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කර සිටීම තහනම් කිරීමට ඔස්ට්‍රියානු රජය එකඟ විය.

රාජ්‍ය සේවකයින් හිස ආවරණය කිරීම සහ අනිකුත් ආගමික සංකේත භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඔස්ට්‍රියානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS