ඔලිව් රිඩ්ලි කැස්බෑවන් එමිරේට්ස් වෙරළේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් වෙරළේ ඔලිව් රිඩ්ලි කැස්බෑවන් බිත්තර දමා ඇති බවත්, ඔලිව් රිඩ්ලි වර්ගයේ මෙම කැස්බෑවන් මෙලෙස එමිරේට්ස් වෙරළක දකින්න ලැබෙන පළමු අවස්ථාව මෙය බවත් පැවැසෙයි.

ඔලිව් රිඩ්ලි කැස්බෑවන් පළමු වරට එමිරේට්ස් මුහුදේ දකින්නට ලැබුණු සාජා හි පරිසර හා ආරක්ෂිත ප්‍රදේශ අධිකාරිය පැවැසුවේ ලෝක මුහුදු කැස්බෑ දිනය නිමිත්තෙනි.

අලුත උපන් ඔලිව් රිඩ්ලි කැස්බෑ පැටවුන් මෑතකදී නිරීක්ෂණය කරන ලද අතර, වෙරළේ සිට මුහුද දෙසට බඩගා යන ආකාරය ඡායාරූප ගත කර ගැනීමට හැකි වී ඇත.

ඔලිව් රිඩ්ලි කැස්බෑවන් ලෝක සමුද්‍ර කැස්බෑ විශේෂ හයෙන් දෙවන කුඩාම සහ අවදානමට ලක්විය හැකි කැස්බෑ විශේෂයක් බව සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය පෙන්වා දී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(එමිරේට්ස් 24/7, සාජා නුවර)

RECOMMEND POSTS