ඔපෙරාව බලන්න ගිහිල්ලා



ඩුබායි ලෝක වෙළද මධ්‍යස්ථන ගොඩනැගිල්ලේ පවත්වන ලද “මේ මගේ මාතෘ භූමිය’’ (HathiBiladi) නැමති ඔපෙරා සංගීත ප්‍රසංගය නැරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේඋප ජනාධිපති, අගමැති සහඩුබායිපාලකයාෂයික්මොහොමඩ් බින්රෂීඩ් අල්-මක්ටුම් සහභාගි වූ බව Al Ittihad පුවත්පත වාර්තා කළේය.

එමිරේට්ස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගය සඳහා පාසල් දරුවන් 500ක් සහභාගි වූ බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික්කලීෆාබින්ෂයෙඩ්අල්-නහියන්සංගීත ප්‍රසංගය සඳහා අනුග්‍රහය ලබාදී ඇති අතර ඩුබායිඔටුන්න හිමි කුමරු වනෂයික්හම්ඩන්බින්මොහොමඩ් බින්රෂීඩ් අල්-මක්ටුම් සහ ඉහළ පෙලේ නිලධාරීන් සංගීත ප්‍රසංගය නැරඹීමට සහභාගි වූහ.

එම්රේට්ස් සහ ගල්ෆ් කලාපයේ සිටින ගායක ගායිකාවන් රැසක් ප්‍රසංගය සඳහා සහභාගි වු අතර ප්‍රසංගයදේශප්‍රේමය, එමිරේට් පාසල් දරුවන්, උරුමය, රට වෙනුවෙන් ජීවිත පුජාකල රණවිරුවන්, නායකත්වය සහ මව්බිම යන අංග 6කින් සමන්විත විය.

මෙම ප්‍රසංගයේ විශේෂත්වයක් වුයේ එමිරේටස් රාජ්‍ය අත්කර ගෙන ඇති ජයග්‍රහනයන් සහ ගල්ෆ් කලාපයේ අනිකුත් රටවල් සමඟ ඇති සහයෝගිතාවය ප්‍රදර්ශනය කිරීමයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS