ඔපෙක් ආණ්ඩුකාරවරයා මියයයි



ඉරානයේ ඔපෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ හුසේන් කසම්පූර් අර්ඩෙබිලි මියගොස් ඇති බව වාර්තා වේ.  

මොළයේ ඇති වු රුධිර වහනය හේතුවෙන් කෝමා තත්වයට පත් ව සති දෙකකට පසු මියගිය බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

හුසේන් කසම්පූර් අර්ඩෙබිලි ඉරානයේ තෙල් කර්මාන්තයේ ප්‍රධාන චරිතයක් වූ අතර, 1980 දශකයේ දී නියෝජ්‍ය විදේශ ඇමති සහ නියෝජ්‍ය තෙල් ඇමති ලෙස සේවය කළේ ය.  

1990 දශකයේ මුල් භාගයේදී ජපානයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔපෙක් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේ ය.

ජානක ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS