ඔත්තුව ලැබුණේ සිරියාවෙන්



ඉරාන හමුදා නායක ජනරාල් කසීම් සුලෙයිමානී, ඝාතනය කිරීමට ඇමෙරිකා බුද්ධි අංශයට ඔහු ගැන ඔත්තුව ලබා දුන්නේ සිරියාවේ සිටින ඇමෙරිකන් ඔත්තුකරුවකු යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

සුලෙයිමානී ඝාතනය කෙරුණේ පසුගිය 3 වැනිදාය. ඒ, ඔහු සිරියාවේ ඩමැස්කස් නුවර සිට ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ආ අවස්ථාවේදීය.

සුලෙයිමානී සිරියාවෙන් ගුවන්ගත වුණු බවත්, ඔහු බැග්ඩෑඞ් බලා පැමිණෙන බවත් ඔත්තු ඇමෙරිකන් බුද්ධි අංශ වෙත ලැබුණු සැණින් බුද්ධි අංශ උපදෙස් පරිදි ඇමෙරිකන් හමුදාව ක්‍රියාත්මක වී ඇත.

ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සුලෙයිමානී ඉලක්ක කරගත් අතර, ඔහු මරා දැමීමට පහර දුන්නේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS