ඔත්තු බලන උපකරණයක්



ඊශ්‍රායල්මොසාඩ් එජන්සිය ලෙබනනයේ ඔත්තු බැලීම සඳහා දකුණුදිග නගරයක් වන සාවර්අල්-ගාර්බියාහ් නගරයේ සඟවන ලද උපකරණයක් ලෙබනන් රජයේ හමුදාවන්ට හමුවී ඇති බව බව ප්‍රෙස්ටිවි වෙබ් අඩවිය වාර්තා කළේය.

රට තුල ඔත්තු බැලීමේ කටයුතු වල යෙදි සිටින පුද්ගලයින් පිළිබඳව ලෙබනන බුද්ධි අංශ දැඩි විමසිල්ලකින් පසුවන අතර ලෙබනනය සතු අධි-සංවේදි තොරතුරු එකතු කර ඊශ්‍රායිල් මොසාඩ් එජන්සිය වැනි ඔත්තු බැලීමේ කටයුතු වල නිරත සංවිධාන වලට යැවීමට ඇති සියලුම මාර්ගයන් අහුරා දැමීමට කටයුතු කර ඇත.

ලෙබනන් අල්-මායාඩීන් රූපවාහිනි ජාලයේ ප්‍රවෘත්ති වැඩසටහනකට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ලෙබනන් ආරක්ෂක අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් අබ්බාස් ඒබ්‍රාහිම් ඔත්තු බලන උපකරණය පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ප්‍රෙස්ටිවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS