ඒඩ්ස් රෝගීන් 1,323ක් මියගිහින්



ඕමානයේ ඒඩ්ස් රෝගීන් එක්දහස් තුන්සිය විසිතුන් දෙනෙක් (1,323) 1984 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුල මියගොස් ඇති බව වාර්තා වේ.

පළමු ඒඩ්ස් රෝගියා 1984 වසරේදි වාර්තා වී ඇති අතර මේ දක්වා රෝගීන් 2,920ක් වාර්තා වී ඇති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

දැනට හදුනාගත් ඒඩ්ස් රෝගීන් එක්දහස් පන්සිය අනුහතක් (1,597) ඕමානය තුල ජීවත්වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS