ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්



සෞදි අරාබිය සහ බහරේනය එක්වී, පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

සෞදි රාජකීය නාවික හමුදාවට සහ බහරේන් රාජකීය නාවික හමුදාවට අයත් යුද නැව් මෙම අභ්‍යාසයට එක් විණි.

බහරේන් රාජ්‍යය සෞදියට වඩ වඩාත් සමීප වීමට උත්සාහ ගනිමින් සිටින අතර මෙම නාවික අභ්‍යාසය ඊට මහත් රුකුලක් වනු ඇතැයි ද පැවැසෙයි. බහරේන් රජය මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි බටහිර රටවල් චෝදනා කරයි. එහෙයින්, සෞදියට සමීප වී සිටීම ඔවුන්ට ලොකු ශක්තියකි.අසල්වැසි ගල්ෆ් රාජ්‍යයක් වන කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ද සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යයයි.

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS