එර්දෙවොන්ට අතිවිශිෂ්ට ජන වරමක්



තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඊයේ පැවැත්වුණු අතර, එයින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ජනපති ධුරයේ කටයුතු කරන රිජෙප් තායිප් එර්දෙවොන් සමත් විය.

සියයට 99 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, තුර්කියේ ‘අසහාය නායකයා’ ලෙස ජනතාවගේ ආදරය දිනා රිජෙප් තායිප් එර්දෙවොන් සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් වී සිටියේය.

එර්දෙවොන්ගේ ප්‍රතිවාදියා වූයේ රිපබ්ලිකන් පක්ෂ නායක මුහරීම් ඉන්ස්. ඔහුට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 31 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. පරාජය බාර ගනිමින්, මුහරීම් ඉන්ස් ජනාධිපති එර්දෙවොන්ට සුබ පතා ඇති බව ද තුර්කි මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS