එමීර් විදේශ ඇමති කපු වියයි !



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයේඩ් අල් නයාන් ඉකුත් සති අන්තයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව තිබේ.

මෙම ඉන්දීය සංචාරයේදී එරට ඓතිහාසික වටිනාකමින් යුතු සිද්ධස්ථාන, පැරණි ගෘහනිර්මාණ ඇතුළත් මාළිගා , ඉන්දියාවට ආවේනික කලා ශිල්ප  ආදී සියලු දෑ නිරීක්ෂණය කිරීමට එමීර් විදේශ අමාත්‍යවරයා අමතක නොකිරීම ගැන එරට මාධ්‍ය විසින් වැඩි ප්‍රසිද්ධියක් ලබා දි තිබීම විශේෂත්වයකි.

මෙහිදී එමීර විදේශ අමාත්‍යවරයා ගේ වඩාත් සිත් ගත් ස්ථානය බවට පත් ඇත්තේ ඉන්දීය නිදහස් සටනේ නියමුවෙකු වන මහත්මා ගාන්ධි විසූ නවදිල්ලි නුවර  ගාන්ධි ආශ්‍රමය බැව් වාර්තාවේ.එහිදී ගාන්ධිතුමන් විසින් භාවිතයට ගත් දේ , ඔහු භාවිතා කළ පොතපත , සහ  කපු කටින යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඔහු අමතක නොකලේය.

තවද හින්දු භක්තිකයින්ට වඩාත් වටිනාකම් සහිත අක්ෂාර්දාම් කෝවිලට ගොස් එහි පෞරාණික අසිරිය නැරඹීමටද ඔහු අමතක නොකළේය.

මෙම සියලු ස්ථාන නැරඹීමෙන් පසුව මාධ්‍ය ඇමතූ එමීර් විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ තම රට අනෙක් ජාතීන්ට අයත් කලාශිල්ප , පෞරාණික දෑ නිරන්තයෙන් අගයන බවත් , කලාපයේ සංස්කෘතික සහයෝගීතාවය වෙනුවෙන් එය ඉතා වැදගත්කමක් ගන්නා බව හෙතෙම කියා සිටියේය.මෙම අවස්ථාවට ඉන්දියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ආචාර්ය අහමඩ් අල්බානා ද එක්විය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS