එමීර් ඩිරාමයට අවුරුදු 44 යි



එක්සත් අරාබි එමිර් රාජ්‍යයතුල භාවිතා කරනු ලබන මුදල් ඒකකය වන ඩිරාම්, මුදල් ඒකකයක් ලෙස භාවිතා කිරීමට පටන් ගෙන වර්ෂ 44 ක් සම්පුර්ණ වන බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

1973 මැයි 19 වන දින මංගල ගමන ආරම්භ කල අතර මුල්ම ඩිරාම් මුදල් නෝට්ටු සඳහා අරාබි අශ්වයාගේ දිය සළකුණ සහිතව ඩිරාම් 1, 5, 10, 50, 100 වටිනාකමින් යුත් මුදල් නෝට්ටුමුද්‍රණය කළ අතර පසුව අරාබි අශ්වයාගේ දිය සළකුණ ඉවත් කර ජාතික පක්ෂියා වශයෙන් සලකනු ලබන උකුස්සාගේ දිය සළකුණ මුදල් නෝට්ටුවලට යොදන ලදී.

රාජ්‍ය මුදල් මණ්ඩලය පිහිටුව්මේ දිනය, එමිරේටස් රාජ්‍ය තුල ඇති විවිධ ස්ථානයන් හි භූගෝලීය දර්ශන, වැදගත් සිද්ධස්ථානයන් සහ සළකුණු මුදල් නෝට්ටු මුද්‍රණයේදි යොදන ලදී. 

ආර්ථික වර්ධනයත් සමඟ අවස්ථාවන් ගණනාවකදී දේශියත්වයට මුල්තැන දෙමින් විවිධ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලදී.

එමිරේට්ස් රාජ්‍යය ඩිරාම් මුදල් ඒකකය හඳුන්වාදීමට පෙර,විවිධ කාලයන් වලදී ඉන්දියානු රුපියල්, ගල්ෆ් රුපියල්, කටර් රියාල්, ඩුබායි රියාල් සහ බහරේන් ඩිනාර් (අබුඩාබි භාවිතා) මුදල් ඒකකයන් ලෙස භාවිතා කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS