එමිරේට්ස් සොල්දාදුවන් දෙදෙනෙක් යේමනයේදි මියයයි



සෞදි නායකත්වයෙන් යුත් අරාබි සභාග හමුදා සමග යේමනයේ යුධ රාජකාරි වල යෙදි සිටි එමිරේටස් සොල්දාදුවන් දෙදෙනෙක් කැරළිකරුවන් විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් මියගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙඩ් අඩවිය වාර්තා කලේය. 

කෝප්‍රල් නඩාර් මුබාරක් ඊසා සොලමන් සහ සාමාන්‍ය සෙබළ සොලමන් මොහොමඩ් සොලමන් අල්-දොහෙයුරි යේමනියේදි මියගිය බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදා ප්‍රධානියා සනාථ කල අතර සිය සාතිශය සංවේදය මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙත ප්‍රකාශ කර සිටි  බව එම වෙඩ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS