එමිරේට්ස් වැසියන්ට වසර 5 ට වීසා



එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වසර පහකට සංචාරක හෝ ව්‍යාපාරික වීසා ලබාගත හැකි බව ඉන්දියානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

වීසා ලබාදීම සඳහා නව වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

73 වැනි ඉන්දියානු නිදහස් උත්සවය නිමිත්තෙන් නව වීසා ක්‍රමවේදය හඳුන්වාදීමටඉන්දියානු රජය කටයුතු කර ඇති බව නිදහස් උත්සවය සැමරීමට අබුඩාබි නුවර සංවිධානය කර තිබු උත්සවයට සහභාගි වෙමින් එමිරේට්ස් ඉන්දියානු තානාපති, නවදීප් සිං සූරි පැවසීය.

වීසා ලබාදීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ඉන්දීය තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS