එමිරේට්ස් බෙහෙත් පෙති ඉවතට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිෂ්පාදනය කර සෞදියට ආනයනය කරන ලද පැරසෝල් මිලිග්‍රෑම් 100 බෙහෙත් පෙති වෙළඳපොලෙන් ඉවත් කිරීමට සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නිසි ප්‍රමිතයකින් තොරව නිෂ්පාදනය කර තිබීම සහ අතුරු ආබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇතිවීම හේතුවෙන් වෙළඳපොලෙන් ඉවත් කිරීමට අධිකාරිය පියවරගෙන ඇත.

යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්19999 දුරකථනයට අංකයට ඇමතුමක් ලබාදීමෙන් හෝ https://ade.sfda.gov.sa වෙබ් අඩවියට පිවිසෙන ලෙස අධිකාරිය මහජනතාවට දැණුම් දී ඇත.     

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS