එමිරේට්ස් නෝට්ටු මුද්‍රණ කම්හල විවෘත වෙයි



ඒමිරේට්ස් රාජ්‍යයේ අධි-තාක්ෂණික මුදල් නෝට්ටු මුද්‍රණ කර්මාන්ත ශාලාවක් එමිරේට්ස් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් අතින් පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. 

මෙය ගල්ෆ් කලාපයේ ඉදිකල පළමු මුදල් මුද්‍රණය කිරීමේ කර්මාන්ත ශාලාව වන අතර එය කලීෆා කර්මාන්ත කලාපයේ ඉදිකර ඇත.
අධි-තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත කර්මාන්ත ශාලාවක් වන අතර නවීන අධි ආරක්ෂිත පද්ධතියකින්ද සමන්විත වේ. 
සමාගම මගින් මුද්‍රණය කරන ලද පළමු මුදල් නෝට්ටුව වන ඩිරාම් 1000ක නෝට්ටුව ෂෙයික් මන්සූර් බින් ෂයෙඩ් අල්-නායන් විසින් අග්‍රාමාත්‍යවරයාට  පිළිගන්වන ලදී. 

පිළිගන්වන ලද මුදල් නෝට්ටුව අංක 1 ලෙස අංකනය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුවේ අධිපති, මුබාරක් රෂීඩ් අල් මන්සූරි, මුදල් නේට්ටු මුද්‍රණ කර්මාන්ත ශාලාව පිහිටුවීම සදහා පෙරමුණ ගෙන ක්‍රියාකල පුද්ගලයා වේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS