එමිරේට්ස් තෙල් නැවක් පැහැර ගැනෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අටත් තෙල් නැවක් ඉරාන හිතවාදී ත්‍රස්ත කල්ලියක් විසින් පැහැර ගෙන යනු ලැබූ බවට චෝදනා එල්ල වී ඇත. තෙල් නැව පැහැර ගැනීමට ලක් වී ඇත්තේ ගල්ෆ් මුහුදේදී යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'ඇස්පෝල් ප්‍රින්සෙස්' නමැති මෙම තෙල් නැව අරාබි මුහුද බලා යාත්‍රා කරමින් තිබියදී සන්නද්ධ කණ්ඩායම බලහත්කාරයෙන් නැවට ගොඩවී නැව පැහැරගත් ගොස් තිබේ. මෙම නැව පැනමාවේ ලියාපදිංචිකරණ ලද්දකි.

මීට පෙර පසුගිය 29 වැනිදා ඕමානයට ඔබ්බෙන් අරාබි මුහුදේදී ඊශ්‍රායල තෙල් සමාගමකට අයත් විදෙස් තෙල් නැවකට ප්‍රහාරයක් එල්ල විය. 'එම්.වී. මර්සර්' නමැති මෙම තෙල් නැව ඊශ්‍රායල සමාගමකට අයත් වුවත්, එහි පරිපාලනය සිදුවන්නේ ලන්ඩන් නුවර 'සොඩියැක් මැරිටයිම්' නැව් සමාගම හරහාය.

'එම්.වී. මර්සර්' නැවට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඉරානයට චෝදනා එල්ල වී තිබේ. 'එම්.වී. මර්සර්' නැවට පහරදීම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කර ඇත්තේ ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ මහා බ්‍රිතාන්‍යයයි.

ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායම් පමණක් නොව ඉරානය ද ඊශ්‍රායලයට පමණක් නොව, මුළු ලෝකයටම තර්ජනයක් යැයි දොස් නගා ඇති අතර, 'එම්.වී. මර්සර්' නැවට ඉරාන සන්නද්ධ කණ්ඩායම් පහර දුන් බවට සාක්ෂි තමන් සතු යැයි ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය පවසා තිබේ.

කෙසේ නමුත් ඉරානය තරයේ පවසා ඇත්තේ, 'ඇස්පෝල් ප්‍රින්සෙස්' නැව පැහැර ගැනීමේ සිද්ධියට හෝ  'එම්.වී. මර්සර්' නැවට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS