එමිරේට්ස් තැපෑලට 110යි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තැපැල් සේවය ආරම්භ කර වසර 110ක් වන බව වාර්තා වේ.

එමිරේට්ස් තැපැල් සේවය 1909අගෝස්තු 19 දින ආරම්භ කර ඇති අතර ආරම්භක අවස්ථාවේදි ඉන්දියානු තැපැල් සේවය සමඟ අනුබද්ධව සේවාවන් සපයා ඇත.

වසර 110ක් සැමරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට එමිරේට්ස් තැපැල් සේවය කටයුතු කර ඇත.

අවුරුදු විසිතුනකට පසු ඩුබායි තැපැල් ඒජන්සිය සාජා නුවර පිහිටුවා අන්තර්ජාතික මට්ටමින් සේවාවන් සැපයීම ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS