එමිරේට්ස් ජාතිකයන්ට රැකියා නෑ



එමිරේට්ස් ජාතිකයන් 12,000කට වැඩි පිරිසකට රැකියා නොමැති බව ප්‍රජා සංවර්ධන අමාත්‍ය, හෙසා බින්ට් ඊසා බුහාමිඩ් ප්‍රකාශ කළා ය. 

 

අබුඩාබි නුවර 4,461ක් ද, ඩුබායි නුවර 3,812 ක් සහ උතුරු එමිරේට්ස් හි 4,180 ක් රැකියා විරහිත පිරිසක් සිටින බව ෆෙඩරල් ජාතික කවුන්සිලයේ සාමාජිකයන් අමතමින් අමාත්‍යවරිය පැවසුවාය.

රැකියා විරහිත එමිරේට්ස් ජාතිකයන්ට සමාජ දීමනා ලබානොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න

ෆෙඩරල් ජාතික කවුන්සිලයේ සාමාජික අද්නාන් හමාඩ් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමත්‍යවරිය පැවසුවේ 2001 අංක 2 නීතියේ 4 වන වගන්තියට අනුව, රැකියා විරහිත පුද්ගලයින් සමාජ ආධාර සඳහා සෘජුවම හිමිකම් නොමැති බවය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS