එමිරේට්ස් ජනපති ඉෆ්තාර් සමරයි



ආඝාත තත්ත්වයක් හේතුවෙන් වසර තුනකට වැඩි කාලයක් පිඩා විදිමන් සිටි එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් කලිෆා බින් සයිඩ් අල් නහියාන් ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා මුල්වරට එක් වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් ජනාධිපතිවරයා, එමිරේට්ස් පාලකයා සහ ඉහළ පෙළේ නිළධාරීන් සමඟ එකට සිටින ඡායාරූප කීපයක් එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය මාධ්‍ය වෙත නිකුත් කළේය. 

වයස අවුරුදු 69ක් වන එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් කලිෆා බින් සයිඩ් අල් නහියාන් 2014දී ඇති වු ආඝාත තත්ත්වය හේතුවෙන් සිදුකරන ලද ශල්‍ය කර්මයෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS