එමිරේට්ස් ගුවන්වාර අඩුකරයි



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලේ දකුණුදිගගුවන් ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ගුවන්ගමන් වාර සංඛ්‍යාව අඩු කිරීමට සිදු වී ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කළේය.

2019 අප්‍රේල් 16 සිට මැයි 30 දක්වා (දින 45) ගුවන් වාර සංඛ්‍යාව අඩුකරන බව ගුවන් සමාගම නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර ඇත.

2017 වර්ෂයේදි ගුවන් මගීන් මිලියන 58.5ක් ගමනාන්ත වෙත රැගෙන ගිය බවත් දින 45ක කාලය තුල සමස්ථ ගුවන් ගමන් වාර සංඛ්‍යාවෙන් 28%ක් අඩුවන බවත් ලෝකයේ ප්‍රධාන පෙලේ ගුවන් සමාගම්වලින් එකක් එමිරේටිස් ගුවන් සමාගම වන බව සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS