එමිරේට්ස් ගුවනගමන් යළි අරඹයි



එමිරේට්ස් ගුවන් සමාගම රටවල් කීපයකට ජූලි 01 වනදා සිට ගුවන් ගමන් අරම්භ කරන බව වාර්තා වේ.

ඒ අනුව, ඊජිප්තුව,ටියුනීසියාව,ස්කොට්ලන්තය සහ මාලදිවයින වෙත යළි මගී ගුවන් ගමන්ආරම්භ කරන බව ගුවන් සමාගම නිවේදනය කරයි.

එමිරේට්ස් ගුවන් සමාගම ජූලි 01 වනදා සිට කයිරෝ සහ ටියුනිස් නුවරවල් වෙත ද, ජූලි 15දාසිට ග්ලාස්ගෝ නුවරට ද, ජූලි 16සිට මාලේ නුවරට ගුවන් ගමන් ආරම්භ කරයි.

එමිරේට්ස් ගුවන් සමාගම ගමනාන්ත 52 කට ජූලි මාසයේ සිට ගුවන් ගමන් ආරම්භ කරයි.

සේවකයින්ගේ සහ ගුවන් මඟීන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කරඇති බව සමාගම පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS