එමිරේට්ස් ගගනගාමියා පෘථිවියට



ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ප්‍රථම එමිරේට්ස් ගගනගාමියා නැවත පෘථිවියට පැමිණ ඇති බව වාර්තා වේ.

සතියක ආසන්න කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතරඑමිරේට්ස් ජනතාව සමඟ සජීවී වීඩියෝ සහ ගුවන් විදුලි සැසිවාර හතකට සහාභාගි වී ඇත.

එමිරේට්ස් රාජ්‍යය අභ්‍යවකාශයට පෙනෙන චමත්කාරජනක ඡායාරූප කීපයක් ට්විටර් සමාජ ජාල ගිණුමට ගගනගාමියා එක් කර ඇත.

හිටපු ප්‍රහාරක නියමුවෙක් වන 35 හැවිරිදි හසා අල්-මන්සූරි ඔක්තෝබර් 03 දින පෘථිවියට පැමිණ ඇති අතර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්,ඩුබායි නුවර)

RECOMMEND POSTS