එමිරේට්ස් කොරෝනා යළි වැඩිවෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩි වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 574 ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. පසුගිය 31 වැනිදා වාර්තා වූ නව ආසාදිතයන් ගණන 548 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 70,805 ක් තෙක් ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 384 ක් ලෙසය.

අබුඩාබිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS