එමිරේට්ස් කුමරියන්ගේ නඩු විභාගය අවසන් අදියරේ



එමිරේට්ස් කුමාරියන් අට දෙනාට එරෙහි බෙල්ජියමේ පැවැත්වෙන නඩු විභාගයේ අවසන් අදියර ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නඩු විභාගය පැවැත්වෙන්නේ එමිරේට්ස් කුමාරිකාවක සහ ඇගේ දියණියන්ට එරෙහිවය. ඒ, ඔවුන් බෙල්ජියමේ සිටිද්දී, නීති විරෝධී ආකාරයෙන් සේවක සේවිකාවන් ගෙන්වා ගෙන ඔවුන්ට අමානුෂික ආකාරයෙන් සැලකීම යන චෝදනා සම්බන්ධයෙනි.

කුමාරිකාවන් අට දෙනාට එරෙහිව මෙසේ චෝදනා එල්ල වූයේ 2008 වසරේදීය. එම අවස්ථාවේදී ඔවුහු බ්‍රසල්ස් අගනුවර සුඛෝපබෝගී හෝටලයක නවාතැන් ගෙන සිටියාහ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS