එමිරේට්ස් අධ්‍යාපන ක්‍රමය එකාබද්ධ කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය 2021 දැක්ම සහ ආර්ථිකයට ගැළපෙන පරිදි එරට පවතින අධ්‍යාපන ක්‍රමය ඒකාබද්ධ කිරීමට සැළසුම් කරමින් සිටින බව පසුගිය දා නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් ජනාධිපති, ෂයික් කලීෆා බින් සෙයිඩ් අල්-නහියන්ගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාපන ක්‍රමය ඒකාබද්ධ කිරීම සිදු කරන බව එමිරේට්ස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ආර්ථික ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා රටේ අධ්‍යාපනය අවශ්‍ය පරිදි එකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය එක්සත්අරාබිඑමීරේට්ස් උප-ජනාධිපති, අගමැතිසහඩුබායිපාලක, ෂයික්මොහොමඩ්බින්රෂිඩ්අල්මක්ටුම් අවධාරණය කළේය.

අධ්‍යාපනය එකාබද්ධ කිරීම තුලින් පරම්පරා ගණනාවකට එහි  සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම හැකිවනු ඇති බව අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ හමුදා ප්‍රධානි, ෂෙයික්මොහොමඩ්බින්සයීඩ්අල්-නහියන්ප්‍රකාශකළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS