එමිරේට්යෙන් යේමනයට ආධාර



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යුද්ධයෙන් අනාථ වී සිටින යේමන වැසියන් ආධාර ලබාදීමට කටයුතු කර ඇත.

ආහාර, නවාතැන්, කූඩාරම්, බ්ලැන්කට්,ජල ටැංකි, ජංගම වැසිකිලිසහ අනිකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යේමනයේ ධලා නගරයට එමිරේට්ස් රතු අඩසඳ සංවිධානය පැමිණ ඇති බව වාර්තා වේ.

තමන්ට ලබාදෙන ආධාරවලට එමිරේට්ස් ජනාධිපති ඇතුළුව සියළුම ආධාරකණ්ඩායම්වලට යේමන ජනතාව සිය ස්තූතිය ප්‍රකාශ කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නගරය)

RECOMMEND POSTS