එමිරේට්යෙන් 15,000 ක් ගිහින්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අතරමං වී සිටි ඉන්දියානුවන් 15,000කට වැඩි පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ සඳහා විශේෂ ගුවන් ගමන් වාර 80 ක් ක්‍රියාත්මක කළ බව ඉන්දියානු දූත මණ්ඩල පවසනවා.

ගුවන් ගමන් වාර 57 කින් ඉන්දියානුවන් 10,271 ක් ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයකට රැගෙන ගිය බව ඩුබායි හි ඉන්දීය කොන්සල් ජනරාල්වරයා පැවසීය.

මෘත දේහයන් 42 ක් ඉන්දියාවට යැවීමට කටයුතු කළ බවත්, පීඩාවට පත් ඉන්දියානුවන්ට උපරිමයෙන් සේවය කරන බව කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS