එමිරේට්ය මීදුමෙන් වැසෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජයයේ නගර කීපයක් මීදුමෙන් වැසි ඇති බව වාර්තා වේ.

මුහුදු බඩ සීමාවේ සහ රට අභ්‍යන්තරයේ නගර කීපයකට මීදුම් තත්ත්වය බලපා ඇති බව එමිරේට්ස් කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

උදෑසන කාලයේ වැඩි වශයෙන් මීදුම් තත්ත්වය පැවතිය හැකි බවටත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බවට සඳහන් කර ඇත.

මෝටර් රථ ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නගරය)

RECOMMEND POSTS