එමිරේටයේ වායු දුෂණය අඩු වෙලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වායු දූෂණය සියයට තිහකින් (30%) අඩු වී ඇති බව වාර්තා වේ. 

කොරෝනා වසංගතය හේතුවෙන් මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම නිසා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම සියයට 30 කින් අඩුවී ඇති බව දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ ක්‍රියාකාරකම් මන්දගාමී වීම හේතුවෙන් වායු දූෂණය සැලකිය යුතු ලෙස අඩුවෙමින් තිබෙන බවත්, එමිරේටයේ ස්ථාන පනස් දෙකක (52) සිදුකළ පරීක්ෂාවන්වලින් වායු දූෂණය අඩු වී ඇති බවට තහවුරු වු බව හරිත සංවර්ධන හා පරිසර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, අයිෂා අල් අබ්දූලි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS