එමිරේටයේ ජනගහනය 9,121,167 ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල ජීවත් වන සමස්ථ ජනගහනය (විදේශකයින් ද ඇතුළුව) 2016 දෙසැම්බර් 31වන විට 9,121,167 දක්වා ඉහළ ගොස් ඇති බව එමිරේට්ස් ෆෙඩරල් ජන සංඛ්‍යාලේඛන අධිකාරිය ප්‍රකාශයට පත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සමස්ථ ජනගහනයෙන් 69%ක් පිරිමින් වන අතර සංඛ්‍යාත්මකව 6,298,294 වේ.

කාන්තාවන් 31%ක් සමස්ථ ජනගහනයෙන් නියෝජනය වන අතර සංඛ්‍යාත්මකව 2,822,873ක් වේ.  

සැලසුම් සකස් කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය,උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා නව දත්ත උපයෝගි කර ගන්නා බව එමිරේට්ස් ෆෙඩරල් ජන සංඛ්‍යාලේඛන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, අබ්දුල්ලා නසීර් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS