එමිරේටයේ ගින්නක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජෙබෙල් නගරයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

ඩුබායි සිවිල් ආරක්ෂක අධිකාරියට අයත් ගිනිනිවන භටයන් පැමිණ විශාල පරිශ්‍රමයකින් පසු ගින්න නිවාදැමීමට කටයුතු කර ඇත. 

ගබඩාව ගිනි ගන්නා ආකාර දැක්වෙන විඩියෝ ඩුබායි මාධ්‍ය කාර්යාලය සහ සිවිල් ආරක්ෂණ අධිකාරිය මාධ්‍යයට නිකුත් කර ඇත.

ගිනිගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS