එමිරේටයෙන් සෞදියට දුම්රියක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිට සෞදි අරබියට දුම්රිය මාර්ගයක් 2021 අවසන් වනවිට ඉදිකරන බව ඉඩම් හා නාවික ප්‍රවාහන ෆෙඩරල් අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, අබ්දුල්ලා සලීම් අල්-කතීරි ඩුබායි නුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගල්ෆ් රටවල් හයක් එකට සම්බන්ධ කරමින් කිලෝමීටර් 2,100ක් දිගකින් යුත් දුම්රිය මාර්ගයක් ඉදිකර භාණ්ඩ සහ මඟින් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගැනීමට සැළසුම් කර ඇති බවත් තම රටවල්වලට ආදාල දුම්රිය මාර්ගයන් ඉදිකිරීම සඳහා රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඕමාන් රජය තම දුම්රිය ජාලය පිළිබඳව වැඩි සැළකිල්ලක් යොමුකිරීම කටයුතු කිරීම හේතුවෙන් 2016 වර්ෂයේදී දුම්රිය මාර්ගය ඉදිකිරීම අත්හිටුවීමට එමිරේට්ස් රාජ්‍යය කටයුතු කළ අතර නැවත දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කිරීමට එමිරේට්ස් බලධාරීන් පියවරගෙන ඇති බවත් පසුගිය අවුරුදු කීපයේ බොරතෙල් මිල විශාල ලෙස පහළ යෑම හේතුවෙන් ගල්ෆ් කලාපය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් අතර මඟ නතර කර දැමීමට රටවල්වලට සිදු වු බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS