එමිරේටයෙන් සංචාරක තහනමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඉරානයට සහ තායිලන්තයට සංචාරක තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

ඉරානයේ සහ තායිලන්තයේ කොරෝනා වෛරසය පැතිරී යෑම සහ මරණ වාර්තා වීම හේතුවෙන් තහනමක් පැනවීමට එමිරේට්ස් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය කටයුතු කර ඇත.

නැවත දැණුම්දෙන තුරු එම රටවල්වල සංචාරය කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය ජනතාවට දැණුම් දෙයි.

දැනට එම රටවල ජිවත් වන සහ සංචාරය කරන එමිරේට්ස් ජාතිකයන්ට එමිරේට්ස් තානාපති කාර්යාලයට හෝ අමාත්‍යාංශයේ ඇමතුම් මධ්‍යස්ථානයට දැණුම් දීම සඳහා දුරකථන අංකයක් (800 44444) ලබාදී ඇත.

සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් සහ නව කොරෝනා වෛරසය එමිරේටය තුල පැතිරීම වැළැක්වීමට දරන උත්සාහය සැලකිල්ලට ගනිමින්විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය සංචාරක තහනමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS