එමිරේටයෙන් මිලියන 15ක්



එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහනට ඇමරිකානු ඩොලර් මිලියන 15ක් ලබාදීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටයුතු කරන බව වාර්තා වේ.

අදාල මුදල් ප්‍රමාණය වසර තුනක කාලයක් ඇතුලත ලබාදීමට එමිරේට්ස් රාජ්‍යය පොරොන්දු වී ඇත.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තා වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එම වැඩසටහන “UN-Women’’ යනුවෙන් නම් කර ඇත.

“UN-Women’’ කාන්තා වැඩසටහන 2010 ජුලි මාසයේදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළ අතර 2010 වර්ෂයේ සිට එමිරේට්ස් රාජ්‍යය සහයෝගය ලබාදෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS