එමිරේටයෙන් ආසාදිතයන් 102 ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් 102 ක් අලුතින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් සංඛ්‍යාව 570 දක්වා ඉහළ ගොස් ඇති අතර, එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ආසාදිතයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවත්, රසායනාගාර පරීක්ෂණ 220,000කට වැඩි ප්‍රමාණයක් දැනට සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  පැවසීය.

ආසාදිතයන් පැමිණි රටවල්:

නවසීලන්තය,ස්ලෝවැකියාව,මොරොක්කෝව,ග්‍රීසිය,චීනය,ප්‍රංශය,ජර්මනිය,ඇල්ජීරියාව,ඉරාකය,කොලොම්බියාව,වෙනිසියුලාව,පෝලන්තය යන රටවලින් එක් (01) ආසාදිතයා බැගින්ද,

බ්‍රසීලය,ස්වීඩනය,ඕස්ට්‍රේලියාව,ඉතියෝපියාව,කැනඩාව,ලෙබනනය,සුඩානය,සෞදි අරාබිය සහ පෘතුගාලය යන රටවලින් ආසාදිතයන් දෙදෙනා (02) බැගින්ද,

ඉතාලියෙන් සහ අයර්ලන්තයෙන් තිදෙනා (03) බැගින්ද, ඊජිප්තුවෙන් හය දෙනෙක්ද, එමිරේටයෙන් සහ පිලිපීනයෙන් හත් (07) දෙනා බැගින්ද,

බ්‍රිතාන්‍යයෙන් දහසය (16) දෙනා බැගින්ද, ඉන්දියාවෙන් තිස්දෙනෙක් (30)  බැගින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි)

RECOMMEND POSTS